Tuesday, April 29, 2025

General line - 0115112241

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට



වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.              

ඒ, කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලෑලිහේත්තුව හන්දිය ප්‍රදේශයේදීයි. 

සැකකරු සන්තව තිබූ හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 826ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සැකකරු සම්බන්ධව සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ පසුගිය 17 වනදා අහුංගල්ල පොලිස් වසමේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධයේ වෙඩික්කරු ලෙස ඔහු ක්‍රියා කර ඇති බවයි.