පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 90කට වඩා වැඩියෙන් මේ වන විට බෙදාහැර අවසන් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.
ඔහු කියා සිටියේ අදින් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමක් සිදු නොවන බවයි.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙන්කර ඇති අවසන් දිනය අදයි.
මෙතෙක් ඡන්දය ප්‍රකාශ නොකළ තැපැල් ඡන්ද හිමියන්ට සිය රාජකාරි ස්ථානයේදී අද දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ අදින් පසු තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නැවත අවස්ථාවක් ලබා නොදෙන බවයි.