පළාත් පාලන මැතිවරණයට අදාළව වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල විවිධ අදහස් පළ වනවා.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේ උතුරු - නැගෙනහිර සියලු පළාත් පාලන ආයතන ජාතික ජනබලවේගයට ජයග්‍රහණය කිරීමට ඉහළ හැකියාවක් ඇති බවයි.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මීට පෙර පැවති මැතිවරණවලට සාපේක්ෂව සමගි ජන බලවේගයට ඉහළ ජන ප්‍රසාදයක් ලැබෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
ගමේ සංවර්ධනයට වැඩිම වැඩ කොටසක් සිදුකලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මේ අතර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 03 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.