Wednesday, April 30, 2025

General line - 0115112241

දේශබන්දු ගැන විමර්ශනයට තවත් කණ්ඩායමක්



පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත් කළ කමිටුවට සහාය වීමට විමර්ශන කණ්ඩායමක් නම් කර තිබෙනවා. 

ඒ, එම කමිටුව තෙවැනි වරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. 

එහිදී එම විමර්ශන කමිටුව සඳහා සහාය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කර එවන ලෙස කමිටුව විසින් වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද ඉල්ලීම මත අදාළ විමර්ශන කණ්ඩායම වැඩබලන පොලිස්පතිවරයා විසින් නම් කර එවා තිබුණා. 

ඒ අනුව නම් කර එවූ පොලිස් විමර්ශන කණ්ඩායමේ ද සහාය ඇතිව ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීමට, එහිදී රැස්වූ කමිටුව විසින් තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.