Wednesday, April 30, 2025

General line - 0115112241

වියළි කහ තොගයක් සමග සැකකරුවෙකු කයිට්ස් ප්‍රදේශයේදී අත්අඩංගුවට

මාධව කුලසූරිය



නීති විරෝධීව ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට ගෙනා වියළි කහ තොගයක් සමග සැකකරුවෙකු කයිට්ස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ලද තොරතුරක් මත කයිට්ස් පොලීසිය මගින් සිදු කළ වැටලීමකදීයි. 

මෙහෙයුම සිදුකරන අවස්ථාවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිසිය පැවසුවේ. 

වියළි කහ කිලෝග්‍රෑම් 500ක් අදාළ වැටලීමේදී සිය භාරයට ගැනීමට කයිට්ස් පොලීසිය කටයුතු කර තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කයිට්ස් පොලිසිය මගින් ක්‍රියාත්මකයි.