මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ කිසිදු ආකාරයකින් ඖෂධ හිගතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය වන යාන්ත්‍රණය මේ වන විට ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන් හොන් (Qi Zhenhong) මහතා අතර පැවති විශේෂ හමුවක් අතරතුර දීය. හමුව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ශක්තිමත් මිත්‍රතත්වය තව තවත් වර්ධනය කරගැනීම සහ මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව සහ විධිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබදවත් එමෙන්ම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විණි.
සාකච්ඡාව ආරම්භයේ දී ම අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන් හොන් (Qi Zhenhong) මහතා මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන්ට විශේෂ ජනමාධ්‍ය පුහුණු වැඩසටහනක් නුදුරු දිනයක දීම චීනයේ දී පැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව ද පැවසී ය.
ඊට අදාළ ඉදිරි පියවරයන් ක්‍රියාත්මක කිරීම සදහා චීන තානාපතිවරයා විසින් අමාත්‍යවරයාට දීර්ඝ ව දැනුවත් කිරීමට ද මෙහි දී පියවර ගන්නා ලදී.