හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති වරප්‍රසාද තවදුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
ඔහු කියා සිටියේ දූෂණ චෝදනා එල්ල වී සිටින පුද්ගලයින්ට තරාතිරම නොබලා වර්තමාන රජය යටතේ දඬුවම් ලබා දීමට කටයුතු කරන බවයි.
විපක්ෂය අඩපණ කරමින් ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වත්මන් රජය මගින් කටයුතු කරමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහන්ද අමරවීර මහතා පවසන්නේ.
රජය ජනතාවට ලබා දුන් බලාපොරොත්තු මෙතෙක් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් සියලු පොරොන්දු ඉටු කරන ලෙසයි.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදු කළ සියලුම ව්‍යාපෘති මේ වනවිටත් අඩපණ වී ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසන්නේ.