Tuesday, May 6, 2025

General line - 0115112241

ගල්කිස්ස සිද්ධිය ගැන පොලීසියෙන් ප්‍රකාශයක්



ගල්කිස්ස ප්‍රදේශයේදී අද උදෑසන, 19 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් සිදු වූවක් ද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරෙන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඝාතනයට ලක් වූ තරුණයාගේ මව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බවයි.

මෑත කාලයේ සිදු වූ වෙඩි තැබීම් සිද්ධීන් සහ ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කරුණු දැක්වූවා.