Tuesday, May 6, 2025

General line - 0115112241

මැයි මස 07 වන දින පාසල් කිහිපයක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 07 වන දින පාසල් කිහිපයක් පමණක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එලෙස වසා තැබෙන්නේ පාසල් 35කට ආසන්න සංඛ්‍යාවක් පමණයි.

සෙසු සියලු පාසල් ලබන 07 වනදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ. 

ලබන 07 වනදා වසා තැබෙන පාසල් ලැයිස්තුව නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ දැක්වෙනවා.