Thursday, May 8, 2025

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය  බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට



වැල්ලමිපිටිය පොලිස් වසමේ කොලොන්නාව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදු කළ වැටලීමකදී යතුරුපැදියක් මගින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 103 ක් ඔහු සන්තකයේ තිබී සොයා ගත් බවයි වැල්ලමිපිටිය පොලීසිය සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සීදූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු වනවා. 

වැඩිදුර විමර්ශන කටයුතු වැල්ලමිපිටිය පොලිස් ස්ථානය සිදු කරනු ලබනවා.