සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී සැකකරුවන් 405 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කරන ලද වැටලීම් 405කදීයි.
එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110යි මිලි ග්‍රෑම් 716 සමග සැකකරුවන් 99 දෙනෙකු අත්අඩංගුවංට ගෙන තිබෙනවා.
තවත් සැකකරුවන් 221 දෙනෙකු අත්ඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 127යි මිලිග්‍රෑම් 254ක් ද සමගින්.
ගංජා ග්‍රෑම් 741යි මිලි ග්‍රෑම් 255ක් සමග සැකකරුවන් 85 දෙනෙක් වැටලීම් 85කදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.