Saturday, May 10, 2025

General line - 0115112241

කෝප් කමිටුව වෙනස් විය යුතු හැටි හඳුන්නෙත්ති කියයි



පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තා ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගොස් අධිකරණ ක්‍රියාවලියට යොමුවිය යුතු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. 

කෝප් කමිටුවේ හිටපු   සභාපතිවරයෙකු ද වන ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.


මේ අතර මෙම විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කපා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කළ පොරොන්දු පිළිබඳව අදහස් පළ කළා.


ඉන් අනතුරුව අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මෙලෙස අදහස් දැක්වූවා.