වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහන මේ වන විට අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථානයේ පැවැත්වෙනවා.
අද පස්වරුවේ සිට තවත් පිංකම් රාශියක් එම පිංබිමේදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව පස්වරුවේ පැවැත්වෙන ආශිර්වාද බෝධිපූජාව පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් සිදු කරනු ලබනවා.
මේ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථ පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.
තොරණ, පහන් කූඩු ඇතුළු නේකවිධ විචිත්‍රත්වයෙන් සැරසුණු නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවරද අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. දන්සැල්, සැදැහැ ගී, සංස්කෘතික ප්‍රසංග ආදී ආමිස පූජා රැසක් එහිදී දැකබලා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.