(Update)
වෙන්නප්පුව, නයිනමඩම, වෙල්ලමන්කරය ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සිව්දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා.
වයස අවුරුදු 17ක් වූ ඔහු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
අතුරුදන් වූ සෙසු පුද්ගලයන් සොයා පොලීසිය තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා.
එලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 17, 19 සහ 28 වයස්වල පසුවන වෛයිකාල සහ බගවන්තලාව ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකු බවයි වෙන්නප්පුව පොලීසිය පැවසුවේ.