Tuesday, May 20, 2025

General line - 0115112241

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට



දොරටියාව, තෙලිගොන්න ප්‍රදේශයේදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණැගල කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදීයි. 

සැකකරු සන්තකයේ තිබී නීති විරෝධී දුම්වැටි 16,000ක් සොයාගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා. 

අත්අඩංගුවට ගත් සැකකරු ගලේවෙල, වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. 

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දොරටියාව පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.