Monday, May 19, 2025

General line - 0115112241

කැලිප්සෝ දුම්රිය නතර කළ හේතුව



බදුල්ල සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර ධාවනය කෙරුණු සංචාරක දුම්රියක් වන කැලිප්සෝ දුම්රිය ධාවනය කිරීම අත්හිටුවා ඇත්තේ මේ දිනවල මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ අඩුවීම හේතුවෙන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ එළඹෙන ජුලි මාසයේ සිට එම දුම්රිය නැවත ධාවනය කිරීම ආරම්භ කරන බවයි. 

නානුඔය සිට ධාවනය කෙරෙන ඔඩිසි දුම්රිය ධාවනයද තාවකාලිකව නතර කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී කියා සිටියේ.