Tuesday, May 20, 2025

General line - 0115112241

අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් තේ වත්තකට පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල

රංජිත් රාජපක්ෂ



හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. 

අනතුරින් එම කැබ් රථයේ රියදුරා සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි හැටන් පොලිසිය පැවසුවේ. 

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ සිව් දෙනෙකු ගමන් කර තිබෙනවා. 

හැටන් ප්‍රදේශයේ ජනපද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල අලිගැටපේර මිලදීගෙන ඒවා අලෙවි කිරීම සඳහා කොළඹ දක්වා ප්‍රවාහනය කරන අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි හැටන් පොලීසිය පැවසුවේ. 

කැබ් රථය ධාවනය වෙමින් තිබියදී හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන එලෙස අනතුර සිදු වී ඇති බවයි සිදු කළ පරික්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.