Monday, May 19, 2025

General line - 0115112241

නතර වී ඇති රාත්‍රී බස් රථ සේවා යළි ආරම්භ කිරීම ගැන ලංගම සභාපති කතා කරයි



රාත්‍රී කාලයේ පොදු ප්‍රවාහන සේවා බස් රථ ධාවනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. 

කොරෝනා වසංගත සමයෙන් පසු බොහෝ ප්‍රදේශවල රාත්‍රී 09න් පසු ධාවනය වූ ලංගම බස් රථ ද මේ වන විටත් ධාවනය නොවන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

කොළඹ ප්‍රදේශයේ රැකියාවලට ගොස් රාත්‍රී කාලයේ නැවත සිය නිවෙස් වෙත පැමිණෙන බොහෝ දෙනෙකුට මේ හේතුවෙන් දැඩි පීඩාවන්ට පත් වීමට සිදුව තිබෙනවා. 

කොළඹ සිට විවිධ නගර වෙත දුම්රියෙන් පැමිණෙන ජනතාවටද රාත්‍රී 09න් පසු එම නගරවල සිට ගම්බිම් කරා යාමට බස් රථ නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. 

මේ හේතුවෙන් ත්‍රී රෝද රථ වැනි විකල්පවලට යොමු වීමට ජනතාවට සිදු වීමෙන් ඔවුන්ගේ ප්‍රවාහන පිරිවැයද අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.  

මෙම ගැටලුව නෙත් නිවුස් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා වෙත ඉදිරිපත් කළා. මේ, ඊට ඔහු දැක්වූ ප්‍රතිචාරයයි.