Tuesday, May 20, 2025

General line - 0115112241

දේශබන්දු තෙන්නකෝන් අද පාර්ලිමේන්තු කමිටුව හමුවට



පොලිස්පතිවරයා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව හමුවට සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද කැඳවා තිබෙනවා. 

පසුගිය සති කිහිපය තුළ එම කමිටුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වී මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතාට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ඒ අනුව පාර්ලිමේන්තුවේ කාරය සභා කාමර අංක 08 හීදී අද පස්වරු 02.00ට එම විමර්ශන කමිටුව රැස් වීමට නියමිතයි.