ඉදිරි දින 04 තුළ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ ඇතැම් ප්‍රදේශවල වැසි වැඩිවීමක් සිදු විය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
ඒ අනුව දකුණු කොන්කන්, දකුණු මධ්‍යම මහාරාෂ්ට්‍ර සහ මුම්බායි ඇතුළු මහාරාෂ්ට්‍රයේ ඇතැම් ප්‍රදේශවලට බලපෑම් සිදුවිය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කර්ණාටක වෙරළට ආසන්නව නැගෙනහිර - මධ්‍යම අරාබි මුහුදේ සුළං තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට ද අනතුරු අගවා තිබෙනවා.
දැනටමත් බැංග්ලෝරයට තැඹිලි අනතුරු ඇඟවීම් ද කේරළයේ දිස්ත්‍රික්ක හතරකට රතු අනතුරු ඇඟවීම් ද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
මේ වන විටත් දකුණු ඉන්දියාවේ බැංග්ලෝර් නගරයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ යටවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
අන්දමන් මුහුදේ ඇති වන සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් තවදුරටත් පූර්ව මෝසම් වැසි ඇතිවීමේ අවදානමක් පැවතිය හැකි බවද එරට කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මාර්ග බොහොමයක් ජලයෙන් යටවීම හේතුවෙන් නිවසේ සිට රාජකාරි සිදු කරන ලෙසටද එරට රජය විසින් සේවකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.