Wednesday, May 28, 2025

General line - 0115112241

ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනපතිට පිළිගන්වයි



ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වසරේ වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත, ජනාධිපති කාර්යාලයේදී අද පිළිගන්වනු ලැබුවා. 

ඒ, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින්. 

මෙරට මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් ලබාගත් ඉහළම ලාභය ලෙස රුපියල් බිලියන 106ක ලාභයක් ලංකා බැංකුව 2024 වසරේදී උපයා ඇති බව එම බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙහිදී කියා සිටියා. 

ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2024 වසරේදී සිය ලාභය රුපියල් බිලියන 26යි දශම 4ක් දක්වා වර්ධනය කරගෙන ඇති බවයි එම බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා එහිදී සඳහන් කළේ.