මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබෙනවා.
ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳ තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බවයි ජනාධිපතිවරයා එහි සටහන් කර ඇත්තේ.
ඇය දිවි සැරිය නිම කරනුයේ තවත් එක් කලාකාරිනියක හෝ ශිල්පිනියක නොව වේදිකා නාට්‍ය, සිනමාව, සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙස බවත් ජනාධිපතිවරයාගේ ෆේස්බුක් සටහනෙහි දැක්වෙනවා.
මේ අතර හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබෙනවා.
ඔහුද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මාලනී ෆොන්සේකා මහත්මිය අභාවය අසා තමන්ද මහත් සංවේගයට පත්වූ බවයි.