Wednesday, May 28, 2025

General line - 0115112241

රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන වැසියන් 12ක් ජීවිතක්‍ෂයට



රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර තිබෙනවා. රුසියාව විසින් ඊයේ එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් ළමුන් තිදෙනෙකු ඇතුළුව යුක්‍රේන වැසියන් 12 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

එම ප්‍රහාරවලින් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

රුසියානු ආක්‍රමණය ආරම්භයේ සිට යුක්‍රේනයේ අගනුවර වන කියෙව්හි සිදු වූ දරුණුතම ප්‍රහාරයට දිනකට පසු පැය 48ක් තුළ එරටට එල්ල වූ දෙවන මහා පරිමාණ ප්‍රහාරය මෙය වනවා. 

ඒ අනුව රුසියාව විසින් එක් රාත්‍රියක දී යුක්‍රේනයට එල්ල කරන ලද වැඩිම ඩ්‍රෝන යානා සහ මිසයිල සංඛ්‍යාව මෙය බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිරකරුවන් හුවමාරු කර ගැනීම සිදු වුවත් රුසියාව විසින් සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් නොසලකා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.