අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු අද අද පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමට නියමිතයි.
ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවේ තැන්පත් කර ඇති මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
උදෑසන 09 සිට පස්වරු 03 දක්වා නිදහස් චතුරස්‍ර මන්දිරයේදී එතුමියගේ දේහය ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.
මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සිදු වන ආකාරය පිළිබඳ ඇයගේ නැඟණිය දමයන්ති ෆොන්සේකා මහත්මිය මෙලෙස අදහස් පළ කළා.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන අකාරය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා.
මේ අතර අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ අවසන් ගෞරව දැක්වනු ලැබුවා.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය තැන්පත් කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළා.
එම අවස්ථාවට එක්ව සිටි කලාකරුවන් සමගද සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකේය සිනමාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබූ සන්නාමය වූ කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳ සිය සංවේගය කලා ක්ෂේත්‍රයේ සියලුදෙනා වෙතද පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.