Wednesday, May 28, 2025

General line - 0115112241

නෙත් ශ්‍රාවකයින් වෙනුවෙන් නව ආශිර්වාදාත්මක බෝධි පූජා වැඩසටහනක් අද සිට



සමස්ත නෙත් ශ්‍රාවකත්වයට විශේෂ ආශිර්වාදයක් ලබා දෙනු වස් නවතම අත්දැකීමක් ලෙස පූජනීය දීගල පියදස්සී හිමියන් විසින් පවත්වන ‘නෙත් එෆ් එම් බුදුගුණ හැන්දෑව’ ආශිර්වාද බොධි පූජාව අද සවස 06 සිට ප්‍රචාරය වනවා. 

මෙම ‘නෙත් එෆ් එම් බුදුගුණ හැන්දෑව’ ආශිර්වාද බෝධි පූජා වැඩසටහන අද සිට විකාශය කිරීමට සලස්වා ඇත්තේ නෙත් එෆ් එම් දීර්ඝ කාලීන ශ්‍රාවකයන්ගේ ඉල්ලීම් සලකා බලමින්.

ඒ අනුව ‘නෙත් එෆ් එම් බුදුගුණ හැන්දෑව’ ආශිර්වාද බෝධි පූජාව සෑම දිනකම සවස 06ට නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ඔබට ශ්‍රවණය කළ හැකියි. 

මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ පූජනීය දීගල පියදස්සී ස්වාමීන් වහන්සේ.