Wednesday, May 28, 2025

General line - 0115112241

නෙත් නිවුස් සවස ප්‍රවෘත්ති ප්‍රකාශයත් අද සිට සවස 06යි 30ට



සීමා මායිම් අබිබවා සත්‍ය තොරතුරු නිවැරදිව, පළමුව ගෙන එන නෙත් නිවුස් වෙනදාටත් වඩා කලින්ම අද සිට ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. 

ඒ අනුව මෙතෙක් සවස 06යි 45ට ප්‍රචාරය වූ නෙත් නිවුස් සවස ප්‍රධාන ප්‍රවෘත්ති අද සිට ඔබ වෙත ගෙන එන්නේ සවස 06යි 30ටයි.

මෑතක සිදුකළ සමීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස අපගේ ශ්‍රාවකයන්ට වෙනදටත් වඩා කලින්ම නිවැරදි සහ කාලීන ප්‍රවෘත්ති දැනගැනීමට අවස්ථා ලබාදීම මෙහි අරමුණයි.

ඒ අනුව දවසේ හොඳම සහ ඔබ දැනගත යුතුම ප්‍රවෘත්ති නෙත් නිවුස් හරහා සවස 06යි 30ට අද සිට ඔබට ශ්‍රවණය කිරීමට හැකි වනවා.

මේ හරහා වෙනදාට වඩා වැඩි ප්‍රවෘත්ති ප්‍රමාණයක්, වැඩි වේලාවක් තුළ නිවැරදි විශේලේෂණද සමග ඔබ වෙත සමීප කරවීම සිදුවනු ඇති. 

එසේ නම් අද සිට නෙත් නිවුස් සවස ප්‍රධාන ප්‍රවෘත්ති සමග සවස 06යි 30ට එක්වන්න ඔබ සැමට අප ආරාධනා කර සිටිනවා.