හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා.
ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහල් පරිශ්‍රයේ තැන්පත් කර තිබූ ඇයගේ දේහය අද පෙරවරුවේ රිය පෙරහැරකින් නිදහස් චතුරස්‍රය වෙත රැගෙන එනු ලැබුවා.
ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් අද පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට පැමිණ සිටියා.
නිදහස් මන්දිරයේ මේ වන විට තැන්පත් කර ඇති මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අද පස්වරු තුන දක්වා අවස්ථාව සලසා දී තිබෙනවා.
පස්වරු තුනයි තිහට අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත අතර මෙම අසහාය නිළියගේ දේහය තැන්පත් කෙරෙන චිතකයට ගිනි දැල්වීම පස්වරු 06ට සිදු කිරීමට නියමිතයි.
සිංහල සිනමාවට මාලිනි ෆොන්සේකා මහත්මිය ඉටු කළ සිනමා මෙහෙවර පිළිබඳව ප්‍රවීණ සිනමා විචාරක සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා සිය මතකය අවධි කළේ මෙලෙසයි.
මාලිනිය නිළි රැජිනක් ලෙස සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූයේ කෙසේද? ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
මාලිනි ෆොන්සේකා මහත්මියගේ වියෝවෙන් මෙරට සිනමාවේ ඇති වන හිඩැස පිරවිය හැකිද? ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ඒ පිළිබඳවද අදහස් පළ කළා.