තල්මසුන්ගේ වමනය හෙවත් අම්බර් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ ඊට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොළ කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත වත්තේගම, තලවින්න ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 43, 57 සහ 63 යන වයස්වල පසුවන කටුගස්තොට, වැලිකන්ද සහ කෑගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.