රංගන පාසලක් අදටත් නොමැති ශ්‍රී ලංකාවේ ආචාර්ය, මාලිනී ෆොන්සේකා මහත්මිය යනු සිනමා රංගන විශ්වවිද්‍යාලයක් බඳු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එම ශෝක පණිවිඩය අද මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයේදී ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියයි.