දේශසීමා හරහා ත්‍රස්ත ප්‍රහාර දිගටම පැවතුනහොත් පාකිස්තානය ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතු බව විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පවසයි.
ඔහු එම අදහස් පළ කළේ නෙදර්ලන්තයේ සිය නිල සංචාරය අතරතුරදීයි.
ඉකුත් අප්‍රේල් 22 ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හිදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සඳහන් කරමින් ඔහු මේ බව පැවසුවේය.
එමෙන්ම අමාත්‍ය එස් ජයිශංකර් චෝදනා කළේ පකිස්ථාන හමුදා නායකත්වය අන්ත ආගමික මත දරන බවයි.
ඉන්දියාවට අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදයේ නිශ්චිත අවසානයක් බව ද අමාත්‍ය ජයිශංකර් එහිදී අවධාරණය කළේය.
සටන් විරාමය දැනට එකිනෙකාට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ග අවසන් කර ඇති නමුත් පාකිස්තානයෙන් ත්‍රස්තවාදී ප්‍රහාර දිගටම පැවතුනහොත් ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි පකිස්ථානුවන් හොඳින් තේරුම් ගත යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.