Wednesday, May 28, 2025

General line - 0115112241

නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කෙරේ



නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර තිබෙනවා. 

ගස් කඩා වැටීම හේතුවෙන් අද අලුයම එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබූ බවයි නුවරඑළිය පොලීසිය පැවසුවේ. 

නුවරඑළිය ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ග්‍රෙගරි වැව ඉදිරිපිට ගැමුණු මාවතට එම ගස් කඩා වැටී තිබුණා. 

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරිමෙන් අනතුරුව නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කළ බවයි පොලීසිය පැවසුවේ. 

පවතින වර්ෂාවත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.