පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් හත්දෙනෙකු තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, තිරුකෝවිල් පොලිස් වසමේ විනායගමුරම් 01 ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
එහිදී නීති විරෝධී ලෙස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකාරියක් හා සැකකරුවන් හයදෙනෙකු කැණීම් සිදු කිරීමට යොදා ගත් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අවුරු 50ක් හා සැකකරුවන් අවුරුදු 41ත් 64ත් අතර වයස්වල පසුවන තිරුක්කෝවිල්, හපුතලේ, ඉදල්ගස්හින්න, වත්තල හා විනායගපුරම් ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තිරුක්කෝවිල් පොලිසීය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.