Friday, May 30, 2025

General line - 0115112241

“යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” ජනපති අනුරත් එක්වෙයි



ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ 75වන ජන්ම සංවත්සර නිමිත්තෙන් “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” නමින් හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබෙනවා 

මේ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබුනා

එම සටහන පහතින් 

" අද (28) පස්වරුවේ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ 75වන ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” සඳහා සහභාගි වීමි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ජාතික අර්බුදකාරී අවස්ථාවල පෙරට වැඩම කර නිර්භයව ඒ වෙනුවෙන් පෙනී සිට රටත්, ජාතියත්, සම්බුදු සසුනත්, වෙනුවෙන් සටන් කළ මහා තෙර නමකි. උන්වහන්සේ විසින් සිදු කරනු ලබන ජාතික, සාමාජයීය හා ශාසනික සේවාව අගයමින්, උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළෙමි."