බස් රථවල සවිකර ඇති අනවශ්‍ය උපකරණ ගලවා ඉවත් කිරීම සඳහා ජූලි මස පළමුවනදා සිට යළි මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් රථවාහන අංශයේ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ දිනෙන් දින ඉහළ යන රථ වාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
බස් රථවල සවිකර ඇති අනවශ්‍ය උපකරණ ගලවා ඉවත් කිරීම සඳහා මීට පෙරද පොලීසිය විසින් කටයුතු කරනු ලැබුවා.
කෙසේ වෙතත් ඊට ඇතැම් පාර්ශවවලින් එල්ල වූයේ විරෝධයක්.
පසුව සවිකර ඇති අනවශ්‍ය උපකරණ ගලවා ඉවත් කිරීම සඳහා බස් රථ හිමියන්ට සහන කාලයක් ලබාදුන්නා.