Friday, April 26, 2024

General line - 0115112241

ක‍්‍රීඩකයෙකුගේ වියෝවේ සොවින් පැරා ඔලිම්පික් නිහඬ වේ




රියෝ පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල අද (18) නිමාවට පත්වන්නේ සංවේදී පුවතක් ද සමගිනුයි.

පාපැදි තරගයක් අතරතුර හෘදයාබාධයක් වැලඳීමෙන් 48 හැවිරිදි ඉරාන ජාතික පාපැදි ක‍්‍රීඩක බහමන් ගොල්බනේෂාඞ් (Bahman Golbarnezhad) ජීවිතක්ෂයට පත්වීම ඊට හේතුවයි.

මෙය 1960 වසරෙන් පසු පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලක සිදුවූ පළමු මරණය වීම ද විශේෂත්වයක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් ජාතික පැරා ඔලිම්පික් සංගමය ද සිය සංවේගය පළ කර තිබෙනවා.

සිද්ධියෙන් පසුව රියෝ පැරා ඔලිම්පික් ගම්මානයේ ඉරාන ජාතික ධජය අඩකුඹු කර ඔසවා තැබීමටයි කටයුතු කර ඇත්තේ.

රියෝ පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අද පැවැත්වෙන සමාප්ති උත්සවයේදී ද මෙම ඉරාන ජාතික පාපැදි ක‍්‍රීඩකයා වෙනුවෙන් නිහඬතාවක් ද පැවැත්වීමට නියමිතයි.