Monday, April 29, 2024

General line - 0115112241

කතෝලික දේවස්ථාන වලට සපයා ඇති ආරක්ෂාව පරික්ෂා කිරීමට පොලිස්පති අද මීගමුව ප්‍රදේශයට 




පාස්කු ඉරිදා දිනය යෙදී ඇති අද දිනයේ කිතුනු දේවස්ථාන වෙත යොදවා ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සෙයා බැලීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීගමුව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

එහිදී පොලිස්පතිවරයා පාස්කු ප්‍රහාරයේදි ජීවිත රැසක් අහිමි වු කටුවාපිටිය දේවස්ථානයට ද පැමිණ තිබෙනවා.

එහිදී පොලිස්පතිවරයා ඉටි පන්දම් දල්වා පාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලික බැතිමතුන් සිහි කරනු ලැබුවා. 

අනතුරුව පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබු පුද්ගලයින්ගේ නිවෙස් වලට ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැමිණ තිබෙනවා.

එම නිවෙස්වල දැනට පදිංචිව සිටින පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගේ සහ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගේ සුවදුක් විමසා බැලීමටද පොලිස්පතිවරයා කටයුතු කර තිබුණා.

එම අවස්ථාව දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්