Thursday, May 9, 2024

General line - 0115112241

කල්කුඩාවේ මවක සහ පියෙකු ගෙල වැළලා ගනියි




සිය දරුවන් දෙදෙනා මුහුදේ ගිලී අතුරුදන් වීමෙන් සිත් තැවුලට පත් කල්කුඩා ප‍්‍රදේශයේ මවක සහ පියෙකු ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඔවුන් දෙදෙනා සිය නිවස ඉදිරිපිට ගසක ගෙල වැළලාගෙන සිටිය දී අද (19) අලුයම සොයාගත් බවයි.

ඔවුන්ගේ පුතුන් දෙදෙනා ඊයේ (18) පස්වරුවේ කල්කුඩා මුහුදේ දිය නෑමට ගොස් සිටිය දී අතුරුදන්ව තිබුණා.

එලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි හා 18 හැවිරිදි වියේ පසු වූ තරුණයින් දෙදෙනෙක්. මෙතෙක් ඔවුන්ගේ මළ සිරුරු සොයා ගෙන නැහැ.