Thursday, May 9, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් වාර්තාවක් දකුණු අප‍්‍රිකාව සම කරයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම බිහි කළ ලෝක වාර්තාවක් දකුණු අප‍්‍රිකාව සමකර තිබෙනවා.

මෙම ලෝක වාර්තාව වන්නේ එක්දින තරගයක දී වැඩිම පිතිකරුවන් සංඛ්‍යාවක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාමයි.

ශ‍්‍රී ලංකාව පළමුව මෙම වාර්තාව බිහි කළේ 2007 වසරේ නවසීලන්තයට එරෙහිවයි. පසුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ද ශ‍්‍රී ලංකාව මෙම වාර්තාව සම කළා.
එම තරග දෙකේදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය පිතිකරුවන් සංඛ්‍යාව 6 ක්. දකුණු අප‍්‍රිකාව ඊයේ (09) මෙම වාර්තාව සම කළේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහි තරගයේ දී පිතිකරුවන් හය දෙනෙකු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින්.

තරගයෙන් දකුණු අප‍්‍රිකාව ජය අත්කර ගත්තා. ඒ අනුව ඕස්ටේ‍්‍රලියාව සමග පැවති එක්දින තරග 4 ම ජය ගැනීමට දකුණු අප‍්‍රිකාව සමත්ව සිටිනවා.

දකුණු අප‍්‍රිකාව ඊයේ (09) මෙම වාර්තාව සම කළේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහි තරගයේ දී පිතිකරුවන් හය දෙනෙකු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින්.

තරගයෙන් දකුණු අප‍්‍රිකාව ජය අත්කර ගත්තා. ඒ අනුව ඕස්ටේ‍්‍රලියාව සමග පැවති එක්දින තරග 4 ම ජය ගැනීමට දකුණු අප‍්‍රිකාව සමත්ව සිටිනවා.

253233 253237 253259