Wednesday, May 8, 2024

General line - 0115112241

ජනපති චීනයේ මෙහෙය අගයයි




ශ‍්‍රී ලංකාවට චීනය දක්වන සහයෝගය ඇගයීමට ලක් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වෑන්ක් යී මහතා ජනාධිපති නිළ නිවසේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ශ‍්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය සඳහා චීනය දක්වන සහය වෙනුවෙන් සිය ස්තුතිය පිරිනමන බවයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේ.

ඉදිරියේදීත් චීන රජය ශ‍්‍රී ලංකාවට සහයෝගය ලබාදෙනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බවද ජනාධිපතිවරයා චීන විදේශ අමාත්‍යවරයා හමුවේ කියා සිටියා.