Thursday, May 9, 2024

General line - 0115112241

මත මඩින්න ජනපති ත‍්‍රිවිධ හමුදාව බල ගන්වයි




දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමෙන් හොඳ රටක් ගොඩනැගිය හැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද වන සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ නිර්මාතෘ සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ 45වන ගුණ සමරු උත්සවයට අද සහභාගි වෙමින්.

මේ අතර ‘මතින් නිදහස් රටක්’ ජාතික වැඩසටහන යටතේ පුත්තලම ආනන්ද ජාතික පාසලේ අද (11) පැවති උත්සවයකට ද ජනාධිපතිවරයා අද සහභාගි වුණා.

මත් නිවාරණය වෙනුවෙන් ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව වඩා බලසම්පන්න කරන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

ශ‍්‍රී ලංකාවේ හතළිස් පන්දහසක් පමණ පිරිසක් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී ඇතැයි තොරතුරු ලැබී තිබෙනවා.

නවතම අධ්‍යයනවලට අනුව ශ‍්‍රී ලංකාවේ ගංජා භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ 2කට වැඩියි.

ජනගහණයෙන් සියයට 23.4ක්, එනම් ආසන්න වශයෙන් සෑම හතරදෙනෙකුගෙන්ම එක් අයෙකු දුම් පානයට ඇබ්බැහි වී සිටිනවා. ඔවුන්ගෙන් සියයට 3ක් පාසල් ළමයින් වීම විශේෂත්වයක්.