Wednesday, May 8, 2024

General line - 0115112241

ජෙරුසලමේදී ඊශ‍්‍රායල හමුදාවට ට‍්‍රක්රථ ප‍්‍රහාරයක් (VIDEO)




ඊශ‍්‍රායල සොල්දාදුවන් පිරිසක් යට කරමින් ට‍්‍රක් රථයක් ධාවනය කිරීම හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

ඊශ‍්‍රායල පොලිසිය ප‍්‍රකාශ කර ඇත්තේ මෙය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවයි. ජෙරුසලමේදී මෙම ට‍්‍රක්රථ ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ බස් රථයකින් බැසයන සොල්දාදුවන් පිරිසකට බව විදෙස් වාර්තාවල සඳහන්.

ඊශ‍්‍රායල හමුදා සාමාජිකයින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ට‍්‍රක් රථය පැදවූ රියදුරා මරණයට පත්ව ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

මියගිය පිරිස අතරින් තිදෙනෙකු කාන්තා හමුදා සාමාජිකාවන් බවයි පැවසෙන්නේ. ඔවුන් යට කරමින් ධාවනය කළ ට‍්‍රක් රථය පසුපසට ධාවනය කර නැවත වතාවක් ඔවුන් යටකර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

එම වීඩියෝව පහතින් දැක්වේ

_93315884_soldiers _93318557_grouphug 195976a707a30269292d05bc231a6aa9 1701081633-jerusalem-truck-attack-the-latest gettyimages-631205456_wide-ebe5dcfa15fc3c7d7694da5e1242545bb82b3d70-s1100-c15 jerusalem-truck