Thursday, May 9, 2024

General line - 0115112241

ලංකාවට එන්නැයි අගමැතිගෙන් විශේෂ පුද්ගලයෙකුට ඇරයුමක්




ශී‍්‍ර ලංකාවේ ආර්ථික සැලසුම් පිළිබද නිරීක්‍ෂණය කර විශේෂඥ උපදෙස් ලබාදීම සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නැයි විදේශීය මහාචාර්යවරයෙකුට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (17) ආරාධනාවක් කළා.

ඒ, කොළොම්බියානු විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සහ මහජන සම්බන්ධතා අංශයේ මහාචාර්යවරයෙකු වන ජෝෂප් ස්ට්ග්ලිට්ස්ට වෙතයි.

ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරවාරයේදී අග‍්‍රාමාත්‍යවරයා ඔහුට මෙම ආරාධනාව කළා.

2030 වනවිට ඉහළ ආදායම් ලබන රටක් බවට ශී‍්‍ර ලංකාව පත් කිරිම රජයේ ඉලක්කය වන බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ.