Wednesday, May 8, 2024

General line - 0115112241

‘එදා පාන් කාපු ණයත් ගෙව්වේ අපියි’




රටේ ජනතාවගේ ඇඟට දැනෙන වෙනසක් සිදුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බෙලිඅත්ත ප‍්‍රදේශයේ ඊයේ (16) පැවති ජනහමුවකට එක්වෙමින් එ් මහතා සඳහන් කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන්ටද මුල අමතක වී ඇති බවයි.

එහිදී “මම කරපු වෙනස ඇඟට දැනුනෙ නැහැ. පාරවල්වල වලවල් වහලා කොන්ක්‍රීට් දැම්මම ඇඟට දැනුනෙ නැහැ. හයිවේ හැදුවම අඟට දැනෙන්නෙ නැතිව ගියා. දැන් රෝහලට ගියාම බෙහෙත් ටික නැහැ. ඒක ඇඟට දැනෙනවා. බෙහෙත් ගන්න ගියාම වැට් එක වදිනකොට ඇඟට දැනෙනවා.” යනුවෙන්ද පැවසුවා.

කලින් ආණ්ඩුවල පාන් කාපුවට ගෙවන්නට වූ ණයත් තමා ගෙවූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. තමන් කෙරෙහි ඇති වෛරය කොතරම්ද කියනවා නම් කුඩා දරුවන් ඉදිරියේ පවා සිදු කරන්නේ තමන්ට බනින එක බවයි මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.