Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ආයෙත් වරදක් කළා




2015 වසරේ පැවති ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාව සිදු කළ වරද මෙවර සමුළුවේදී ද ඒ ආකාරයෙන්ම සිදු කර ඇතැයි හිටපු රාජ්‍යතාන්ත‍්‍ර නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සංහිදියා යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීම සඳහා වසර දෙකක කාලයක් ලබා දීමේ තීරණයට එකඟතාව පළ කිරීම ලක් රජය ගත් වැරදි තීරණයක් වන බවයි. 

අමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය යන රටවල් යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී අදහස් දැක්වීම කිසිසේත් අනුමත කළ නොහැක්කක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.