Wednesday, May 8, 2024

General line - 0115112241

මහ බැංකු තීරණය ආයෝජනවලට අහිතකරයි




මහ බැංකු ප‍්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමට මහ බැංකුව ගත් තීරණය හේතුවෙන් මෙරට ආයෝජනවලට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ශ‍්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථිකවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ පැවසුවේ උද්ධමනය අඩු කිරීමේ අරමුණින් ගනු ලැබූ මෙම තීරණය දිගු කාලීනව ආර්ථිකයට අහිතකර විය හැකි බවයි. 

මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7 යි දශම දෙකයි පහක් දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට අටයි දශම හතයි පහක් දක්වාත් අද සිට ඉහළ දැමීමටයි. උද්ධමනය පාලනය කිරීම සඳහා දිගු කාලීන ක‍්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද ආචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දුන්නා. 

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රතිප්ති පොලී අනුපාත අද සිට ඉහළ දැමීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනූව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට හතයි දශම දෙකයි පහක් දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට අටයි දශම හතයි පහක් දක්වාත් ඉහළ දැමුණා.