Wednesday, May 8, 2024

General line - 0115112241

වෛද්‍ය වර්ජනය නිසා රෝහල් රැසක් අඩපණ  වෙයි  - රෝගීන් දැඩි අපහසුතාවක (PHOTOS)




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) පෙරවරු අටට ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩපණ වී තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් ප‍්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව ආපසු හැරී යන අයුරක් දක්නට ලැබුණු බවයි. 

දිවයින පුරා රෝහල්වල තත්වය පිළිබඳ සොයා බැලීම සඳහා නෙත් නිවුස් වාර්තාකරුවන් අද පෙරවරුවේ ක්ෂේත‍්‍ර චාරිකාවක නිරත වුණා. 

මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අත්පත‍්‍රිකා බෙදා හැරීමක් ද සිදු කළා.