Thursday, May 9, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවේ ප්‍රහාරයකට සැරසුනු IS ත්‍රස්තයෙකු මරුට




ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහල් නිවාස සංකීර්ණයක් තුළ පුද්ගලයෙකු මරා දමා තවත් කාන්තාවක ප්‍රාණ ඇපයට ගෙන සිටි ත්‍රස්තයෙකු එරට ආරක්ෂක අංශ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගොඩනැගිල්ල තුළ පුපුරණ ද්‍රව්‍ය ඇතුළුව එක් අයෙකු දැනටමත් මරා දමා ඇති බවට ලද තොරතුරු අනුව විශේෂ ආරක්ෂක කණ්ඩායම් ඒ ස්ථානය වෙත පැමිණ මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.

එහිදී, කාන්තාවක ප්‍රාණ ඇපයට ගෙන සිටි 29 හැවිරිදි යාකුබ් ඛයර් නමැත්තා මෙම ප්‍රාණ ඇප සිද්ධිය අතරතුර කියා සිටියේ තමන් ඉස්ලාම් රාජ්‍යයේ IS සංවිධානය වෙනුවෙන් කටයුතු කරන්නෙකු බවයි.

ඉදිකිරීම් කම්කරුවෙකු ලෙස මෙම පුද්ගලයා කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා මීට පෙර ස්ලාමීය ත්‍රස්තවාදය ගැන ගුණ ගයන්නෙකු ලෙස හඳුනාගෙන සිටි බවද එරට ආරක්ෂක අංශ විසින් සඳහන් කර තිබෙනවා.