Wednesday, May 8, 2024

General line - 0115112241

කොළඹ වාහන තදබදය අවම කරන අලුත්ම වැඩසටහන මෙන්න




කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා අන්තර්ජාලය භාවිත කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සූදානම් වනවා.

අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ ඒ සඳහා ජංගම දුරකතනයට ඇප් එකක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි.

එහි නියමු ව්‍යාපෘතියක් ජනාධිපති කාර්යාලය මගින් මහනුවරදී අත්හදා බැලෙනවා. 

මේ අතර කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා කාර්යබහුල අවස්ථාවලදී මාර්ගයේ එක්රැස්වන වාහන සංඛ්‍යාව අඩු කිරීම කෙරෙහිද අවධානය යොමුව තිබෙන බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "පැයකට එක මාර්ගයක වාහන 1450 ක් වගේ ධාවනය වුනොත් වේගය තියෙන්නේ පැයට කිලෝමීටර් 10යි. මෙකෙන් වාහන 250ක් වගේ ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් වුනොත් අපිට පැයට කිලෝමීටර් 20ක වේගයක් ගන්න පුළුවන්. හරියටම වේගය දෙගුණයකින් වැඩි වෙනවා. පැයට කිලෝමීටර් 25-30 අතර වේගයක් අත්පත් කරගන්න පුළුවන්නම් ඒක ලෝක සම්මත තත්ත්වයක්. ගාලු පාරේ අපි මේ තත්ත්වයට දැන් ළඟාවෙලා තියෙනවා." යනුවෙනි.

කාර්යබහුල අවස්ථාවල මාර්ගයට පිවිසෙන වාහන සංඛ්‍යාව අවම කිරීමේ අදහසින් බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය ආයතන කිහිපයක සේවකයන් සඳහා සුනම්‍ය රාජකාරී වේලාවන් හඳුන්වාදීමටද නියමිතව තිබෙනවා.

අදාළ නියමු ව්‍යාපෘතිය ලබන 18 වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි.