Friday, April 26, 2024

General line - 0115112241

අළුබඳුන සටන ඇරඹෙයි

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (23) ආරම්භ වුණා.

ඒ  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවර ගැබා ක‍්‍රිඩාංගනයේදීයි.

ඕස්ටේ‍්‍රලියාව සහ එංංගලන්තය අතර පැවැත්වෙන අළුබඳුන කි‍්‍රකට් තරගාවලිය පැවැත්වෙන්නේ  වසර දෙකකට වරක්. ටෙස්ට් තරග 5කින් සමන්විත මෙම තරගාවලිය  ඇතැම් අවස්ථාවලදී තරග 4ක් හෝ 6ක් දක්වා පැවැති අවස්ථාද ඉතිහාසයේ තිබෙනවා.

1882 වසරේදී ස්පෝර්ටින්ග් නම් පුවත් පත මරණ දැන්වීමක්  පළ  කර  තිබූ  අතර  එවැන්නක්  පළ  කිරීමට  හේතු  වූයේ  සත්කාරක එංගලන්තය පළමුු වරට ඕස්ටේ‍්‍රලියානුු කණ්ඩායම හමුවේ ඕවල් කී‍්‍රඩාංගණයේදී පරාජය වීමයි.

ඉංගී‍්‍රසි කිි‍්‍රකට් කලූරිය කර ඇති බවත් ආදාහනයෙන් පසු එහි අලූ ඕස්ටේ‍්‍රලියාවට රැගෙන ගිය බවද එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

පසුව මීළග ඕස්ට්‍රේලියානු සංචාරය සංවිධාන කෙරුණේ එම අලූ නැවත රැගෙන එ්මටයි. එතැන් සිට ආරම්භ වූ ඕස්ටේ‍්‍රලියා - එංගලන්ත අළුබඳුන  කි‍්‍රකට් තරගාවලියේ අද (23) ආරම්භ වන්නේ එහි 70 වැනි තරගාවලියයි.

අළුබඳුන  තරගාවලිය  ජය  ගන්නා  කණ්ඩායමට  එම  කුසලානය  හිමිවන  අතර නැවත කණ්ඩායමක් ජය ගන්නා තුරු එය ඔවුන් සතුව පවතිනවා. තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් අළුබඳුනේ  හිමිකාරිත්වයද හිමිවන්නේ අවසන් වරට අළුබඳුන තරගාවලිය ජයගත් කණ්ඩායමටයි.

1989 සිට 2005  වසර  දක්වා  වසර  16ක්  අළුබඳුන  කුසලානය  තමන්  සතුව  තබා  ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා. එම කාලසීමාවේදී අළුබඳුන ටෙස්ට් තරගාවලි 8ක් අඛණ්ඩව ජය ගැනීමට ඕස්ටේ‍්‍රලියාව සමත් වීම විශේෂත්වයක්.

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර මේ දක්වා පවත්වා ඇති අළුබඳුන ටෙස්ට් තරගාවලි සංඛ්‍යාව 69ක්. ඉන් දෙපිළම තරග 32ක බැගින් ජය ගැනීමට සමත්ව තිබෙනවා.  

ජය  පරාජයෙන්  තොරව  අවසන්ව  ඇත්තේ  තරගාවලි  5ක්  පමණයි. අළුබඳුන තරගාවලියේ තරග වශයෙන් ගතහොත් දෙපිළ අතර මේ දක්වා ටෙස්ට් තරග  325ක්  පවත්වා  තිබෙන  අතර  ඉන්  වැඩිම  තරග  ජය  වාර්තා කර  ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවයි. ඔවුන්    අළුබඳුන    ටෙස්ට්    තරග    130ක්    ජය    ගැනීමට    සමත්ව තිබෙනවා.  

එංගලන්තය    ජය    ගෙන    ඇත්තේ    අලූබදුන    ටෙස්ට්    තරග    106ක් පමණයි.

අළුබඳුන  ටෙස්ට්  තරගාවලි  ඉතිහාසයේ  වැඩිම  ලකුණු  ලාභීන්  අතර  තවමත් පෙරමුණ ගෙන සිටින්නේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්. ඔහු අළුබඳුන ටෙස්ට් තරග 37කදී  ලකුණු  5027ක්  රැස්  කිරීමට  සමත්  වුණා.  

අළුබඳුන  ටෙස්ට්  තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලූ ලාභීයා ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඕස්ටේ‍්‍රලියාවේ ෂේන් වෝන්.  ඔහු  අළුබඳුන  තරග  36කදී  කඩුලූ   196ක්  දවා  ගැනීමට  සමත්ව තිබෙනවා.