කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග සාකච්ඡාවක් අද පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකාවේ සිටින සියලු මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍යවේදී රක්ෂණ ආවරණයත්, මාධ්‍යවේදීන් හට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් ණය පහසුකම් පිළිබඳවත් අමාත්‍යවරයාගේ අවධානයට යොමුව තිබෙනවා.
දැනට අක්‍රියවී ඇති එම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව එම කරුණු දෙක පදනම්ව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
ජනමාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන් ද ඉදිරියේදී ක්‍රියාමාර්ග කිහිපයක් ගත යුතුව ඇති බවටයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.